.webp)

ඔහු මේ බව සඳහන් කළේ, ටෘත් සෝෂල් හරහා පණිවුඩයක් නිකුත් කරමින්.
කෙසේ වෙතත්, පිළිගත හැකි මට්ටමේ ගිවිසුමක් ඇති කර නොගතහොත්, ඕනෑම මොහොතක ඉරානයට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කිරීමට ඇමරිකාව සූදානම් බවත් ඔහු අනතුරු අඟවා තිබේ.
කටාර් රාජ්‍යයේ එමීර්වරයා, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් අනුව, තමන්ට ඔවුන් කෙරෙහි ඇති ගෞරවය හේතුවෙන් ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ හමුදා මෙහෙයුම තාවකාලිකව අත්හිටුවන්නැයි තමන් යුද ලේකම් පීට් හෙග්සෙත් සහ ජෙනරල් ඩෑන් කෙන්ට උපදෙස් ලබා දුන් බව ට්‍රම්ප්ගේ ටෘත් පණිවුඩයේ සඳහන්.
අදාළ ගල්ෆ් රටවල නායකයින්ට අනුව, ළඟඳීම සාම සාකච්ඡා හරහා ඇමරිකාවට පමණක් නොව මැද පෙරදිග කලාපයටම මෙන්ම ඉන් එපිට රටවලටත් පිළිගත හැකි ගිවිසුමකට ඉරානය එකඟ වනු ඇති බව ට්‍රම්ප් විශ්වාසය පළකර තිබෙනවා.
ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවි හිමි නොවන බවද ට්‍රම්ප් යලි අවධාරණය කළේය.
