"ජාතික විජයග්‍රාහී සැමරුම" අද ජනපති ප්‍රධානත්වයෙන්

යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් "ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය" අද ජනපති ප්‍රධානත්වයෙන්

by Staff writer 19-05-2026 | 6:50 AM

COLOMBO(News1st) - යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් "ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය"  අද(19) පැවැත්වෙයි..

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදීයී.

මේ අතර ජාතික රණවිරු සැමරුම් දිනට සමගාමීව රණවිරුවන් 5,289කට නිල උසස්වීම් ලබාදීම ද අද සිදු කෙරේ..

ඒ අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලවයි.

ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක බව පොලිස්සිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු වුට්ලර් පැවසුවේ, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශවලින් සමන්විත කණ්ඩායමක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.

එමෙන්ම ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවයට සමගාමිව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසීය.