.webp)

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැති 79 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ ඇගයීමේ සහතිකයක් පිරිනමා ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතින් මෙම සහතික පත්‍රය භාරගෙන තිබේ.
