.webp)

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත, ජනාධිපති ලේකම් නන්දිත සනත් කුමානායක විසිනි.
විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන, මාර්ග, ජලය, ආහාර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, එම සේවා අතරට ඇතුළත්.
ක්ෂේත්‍ර නිලධාරීන්, ගිලන් රථ, මහ බැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා, වාරිමාර්ග, පහත්බිම් ගොඩකිරීම, කෘෂි සහ කෘෂි රක්ෂණ යන සේවා ද, මේ යටතේ අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මේ අතර, මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මුල් වරට හදිසි අවස්ථා තත්ත්වය පැනවූයේ පසුගිය නොවැම්බර් 29 වැනිදායි.
මේ අතර, සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා අනුයුක්ත කිරීමේ රෙගුලාසි ද, යළි දීර්ඝ කර තිබේ.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.
