.webp)

ඒ ඊයේ(27) රැස්වූ එම විධායක මණ්ඩලය විසින් සිදුකළ 5 වන හා 6 වන සමාලෝචනයට යටතේයි.
ඒ අනුව 2023 වසරේ මාර්තු මාසයේදී අනුමත කරන ලද මාස 48ක වැඩසටහන යටතේ මෙතෙක් ලබා දී ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක්.
මෙම ණය මුදල අනුමත කළේ 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහායි.
මෙම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාව එකඟ වූ ආර්ථික ප්‍රතිසස්කරණ සාර්ථකව ඉටුකර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් හා විදුලි ක්ෂේත්රවල පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය බලධාරීන් විසින් මේ වන විට විසඳා ඇති බවත් එහි විධායක මණ්ඩලය පෙන්වා දුනි.
විධායක මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ, පසුගිය දෙසැම්බර් අවසානය වනවිට නියම කර තිබූ ප්‍රමාණාත්මක ඉලක්ක සම්පූර්ණයෙන්ම සැපිරීමට මෙරට රජය සමත්ව ඇති බවයි.
