ක්‍රිස්ටියන්ගේ තත්ත්වය යහපත්

තරගයක් අතරතුර සිහිසුන්ව ඇද වැටුණු ඩෙන්මාක් ක්‍රීඩක ක්‍රිස්ටියන් එරික්සන්ගේ තත්ත්වය යහපත්

by Staff writer 08-06-2026 | 3:41 PM

COLOMBO(News1st) - ලෝකයේම පාපන්දු රසිකයන් කම්පනයට ලක් වූ පුවතක් වාර්තා වුණා.

ඒ ඩෙන්මාක් හී  සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් එරික්සන් තරගයක් අතරතුර සිහිසුන්ව ඇද වැටීමයි.

යුක්‍රේනය සමඟ පැවති සුහද පාපන්දු තරගයක් අතරතුර  මෙලෙස ඔහු හදිසියේ ඇද වැටුණු අතර, තරගය අතහැර දැමීමට සංවිධායකයන් කටයුතු කළා.

කෙසේ වෙතත්, ඔහු මේ වන විට සිහිය ලබා සිටින අතර, යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව  ඩෙන්මාක පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.

2021 වසරේදී ද හෘදයාබාධයක් හේතුවෙන් මෙවැනිම අවාසනාවන්ත සිදුවීමකට එරික්සන් මුහුණ දුන්නා.