බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉවත්වීමේ සූදානමක්

බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉවත්වීමේ සූදානමක්

by Staff writer 21-06-2026 | 1:17 PM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය

Keir Starmer

, හෙට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව, ද ඔබ්සවර්  පුවත්පත වාර්තා කරයි.

ද ඔබ්සවර් පුවත්පත වාර්තා කළේ, කැබිනට් අමාත්‍යවරුන්, උපදේශකයින්, ආධාරකරුවන් සහ වෘත්තීය සමිති නායකයින් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව තමාට තවදුරටත් එම ධූරය දැරිය නොහැකි බවට ස්ටාමර් නිගමනය කර ඇති බවයි.

සිය කම්කරු පක්ෂයේම අපෙක්ෂකයෙකු වන ඇන්ඩි බර්න්හැම් ඊයේ දින වයඹදිග එංගලන්ත මැතිවරණයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තේරි පත් වීමත් සමග පක්ෂයෙන් ම අග්‍රාමාත්‍යවරයාට විරෝධතා එල්ල වීම ඊට හේතු වී ඇතැයි අදාළ වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් පෙරේදා වන විටත් කියර් ස්ටාමර් කියා සිටියේ තමා ධුරය අත්නොහරින බවයි.

පක්ෂ නායකත්වය වෙනුවෙන් ඡන්ද විමසීමක් සිදුකළහොත් ඊට මුහුණ දෙන බව ද ඔහු පැවසුවේ ය.

නමුත් පැය කිහිපයක් තුළ පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ මුදල් සපයන ආධාරකරුවන් තමාට සහය නොදක්වන බව වැටහීම හේතුවෙන් තමා ගෞරවාන්විතව ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ද ඔබ්සවර් පුවපත වාර්තා කළේ, ඔහු වහාම ධුරයෙන් ඉවත් නොවී, පක්ෂයට අලුත් නායකයෙකු සහ අගමැතිවරයකු තෝරා ගන්නා තෙක් අන්තර්කාලීන සැලසුමක් ඉදිරිපත් කරනු ඇති බවයි.