අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රගති සමාලෝචන රැස්වීමක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී

by Staff writer 27-06-2026 | 9:05 PM

COLOMBO(News1st) - අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය

ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ය.

ලබන වසරේ සිට 06 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය පූර්ණ සූදානමක සිටින බව එහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ ය.

06 ශ්‍රේණියට අදාළ මොඩියුල, සංස්කරණ සහිතව මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව පැවසුවේ ය.

ඔහු සදහන් කළේ, දෙවැනි වාරය සඳහා අදාළ මොඩියුල ද සමඟ සියල්ල එකවර ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සොයා බැලීම සඳහා යළි මාස තුනකින් රැස්වීමට ද එහිදී එකඟතාව පළ විය