GMOA නව සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව

GMOA නව සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව

by Staff writer 27-06-2026 | 9:11 PM

COLOMBO(News1st) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අද පැවති නිලවරණයෙන් නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව තේරී පත්ව තිබේ.

ලේකම් ලෙස තේරී පත්ව ඇත්තේ, වෛද්‍ය බණ්ඩාර වරකාගොඩයි.

විධායක සභාව නිතරගයෙන් තේරී පත්විය.

රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය විධායක සභිකයින් 16 දෙනෙකුගෙන් සහ මධ්‍යම කාරක සභිකයින් 40 දෙනෙකුගෙන් සමන්විතයි.