.webp)

ඒ, ඔහු අද පෙරවරුවේ මාළිඟාකන්ද අංක 2 වැඩබලන මහේස්ත්‍රාත් වයි ඩී පෙරේරා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි ය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සෝභනාහන්දි සනත් ද සිල්වා නොහොත් මීටියාගොඩ රාජු නමැත්තාට මෙරටින් පළා යාම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වෙයි.
විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයෙකු ලෙස සේවය කළ කාලයේ එය සිදුකර ඇති බවයි.
41 හැවිරිදි ඔහු, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය වෙළෙඳාම්, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ය.
