ජනපති සහ නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද

ජනපති සහ නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද

by Staff writer 12-08-2026 | 8:12 AM

COLOMBO(News1st) - ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පැවැත්වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපතිවරයා විසින් කළ කැඳවීමකට අනුව එම සාකච්ඡාව අද පස්වරු එකට පැවැත්වෙන බවයි.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති.