පොලී අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නෑ

මෙම වසරේදී තවදුරටත් පොලී අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නෑ..- මහ බැංකු අධිපති

by Staff writer 12-08-2026 | 10:11 AM

COLOMBO(News1st) - මෙම වසරේදී තවදුරටත් පොලී අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ බව පැවසුවේ රොයිටර් පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, උද්ධමනය පාලනය කරමින් ආර්ථික වර්ධනයට බාධාවක් නොවන ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම අරමුණ බවද ඔහු එහිදි සඳහන් කළේ ය.

ඉරාන යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා පසුගිය මැයි මාසයේදී මහ බැංකුව පොලී අනුපාත පදනම් ඒකක 100කින් ඉහළ නැංවූ අතර, එය වසර තුනකට වැඩි කාලයකින් පසු සිදුකළ පළමු පොලී අනුපාත ඉහළ නැංවීමයි.

මහ බැංකු අධිපතිවරයා පවසන්නේ, එම තීරණය උද්ධමනය 7%ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ බැවින් ගත් “පූර්ව ක්‍රියාමාර්ගයක්” බවයි.

මහ බැංකු අධිපතිවරයා පවසන්නේ අඩු උද්ධමනය අනාගත ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවයි..

මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 4ත් 5ත් අතර පරාසයක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද නන්දලාල් විරසිංහ පැවසුවේ ය.