සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්!

මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙරට දෛනිකව 80ත් 100ත් අතර පිරිසක් මිය යනවා! - සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

by Staff writer 29-08-2026 | 7:16 AM

COLOMBO(News1st) - මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 80ත් 100ත් අතර පිරිසක් මියයන බව සෞඛ්‍ය විශේෂඥයින් පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටු සාමාජික රජරට විශ්ව විද්‍යාලයේ වෝහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු ඒ බව පැවසුවේ රටම එකට ජාතික මෙහෙයුමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

තවත් විශාල පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වන බෝ නොවන රෝග හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවත් ඔහු පැවසීය.