නව ප්‍රතිලාභීන්ට අස්වැසුම දීමනාව, ලබන මාසයේ සිට..

නව ප්‍රතිලාභීන්ට අස්වැසුම දීමනාව, ලබන මාසයේ සිට..

by Staff writer 30-08-2026 | 8:18 AM

COLOMBO(News1st) - 2026 අස්වැසුම සුභ සාධක යෝජනා ක්‍රමයේ යථාවත් කරන ලද නාම ලේඛනය එළෙඹෙන මස මුල් සතියේ ප්‍රදර්ශනය කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති නිමල් කොටවලගෙදර පැවසුවේ, එම නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව දින 10 ක කාලයක් අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි.

ඉදිරිපත් කරනු ලබන අභියාචනා සැලකිල්ලට ගනිමින් ලබන මස අවසන් සතියේ සිට ගෙවීම් කටයුතු ආරම්භ කරන බවත් සභාපතිවරයා පැවසුවේ ය.
 



 

වෙනත් ලිපි