උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්..

by Staff writer 31-08-2026 | 11:01 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, නැගෙනහිර පළාතේත්, පොළොන්නරුව, යාපනය ,කිලිනොච්චි ,මුලතිව්, වව්නියාව සහ මොණරාගාල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

ඒ හේතුවෙන් හැකි තරම් ජලය පානය කරන ලෙසත්, සෙවන සහිත ස්ථානවල විවේක ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දෙයි.

මේ අතර, පුත්තලම සිට කොළඹ ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2 -3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන් හලාවත සිට කොළඹ හා ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි.

එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවත් වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.