කිරිබත්ගොඩ සතිපොළේ උණ්ඩ 35ක්

කිරිබත්ගොඩ සතිපොළේ උණ්ඩ 35ක්

by Staff writer 06-09-2026 | 2:52 PM

COLOMBO (News 1st) -  

කිරිබත්ගොඩ සතිපොළ ප්‍රදේශයේ, කසල ගොඩක තිබියදී උණ්ඩ 35 ක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පිරිසක් විසින් කසල ඉවත් කරමින් සිටියදී එම උණ්ඩ තොගය හමුවී ඇති බවයි.

ඒවා පැරණි උණ්ඩ බවට අනාවරණය වී ඇති බවත් පොලීසිය ප්‍රකාශ කළේ ය.

එම උණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබයි.