Facebook සාදයක් වටලා 41ක් අත්අඩංගුවට...

Facebook සාදයක් වටලා කාන්තාවන් ඇතුළු 41ක් අත්අඩංගුවට...

by Staff writer 06-09-2026 | 9:54 AM

COLOMBO (News 1st) - තෙල්දෙණිය වික්ටෝරියා ප්‍රදේශයේදී Facebook සාදයක් වටලා මත්ද්‍රව්‍ය හා මත්පැන් සමග සැකකාරියන් පස් දෙනෙකු ඇතුලු 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, තෙල්දෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවයි.

එහිදී ගංජා මිලිග්රෑම් 947 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 මිලිග්රෑම් 657 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 මිලිග්රෑම් 276 ක්, මත්පෙති 18 ක්, නීති විරෝධී දුම්වැටි 21 ක්, බියර් මිලිලීටර් 500 කෑන් 35 ක්, රජයේ අරක්කු මිලිලීටර් 750 බෝතල් 13 ක්ද සොයාගෙන තිබේ.

සැකකරුවන් 21 ත් 40 ත් අතර වයස්වල පසුවන ගෙලිඔය, අලුත්වත්ත, වරකාපොළ, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර, හඟුරන්කෙත ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලීසිය පැවසුවේ 22 ත් 43 ත් අතර වයස්වල පසුවන පල්ලෙකැලේ, පේරාදෙණිය, හඟුරන්කෙත, දෙහිවල හා කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකාරිනියන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි.