.webp)
-623425.jpg)
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පැවසුවේ, ඔහු ප්රමුඛ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද(08) සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වනු ඇති බවයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සමග සාකච්ඡාවල නිරත වීමට නියමිතයි
කොළඹ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමටත් ඔහු කටයුතු කරනු ඇති.
ආරක්ෂක, ආර්ථික, සාගර හා කලාපීය ආරක්ෂාව මෙන්ම දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ය.
වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.
අවසන් වරට ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ලෙස කේ. සී. පාන්ට් මෙරටට පැමිණ ඇත්තේ, 1988 වසරේදී අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි පාලන සමයේදියි.
අද සිට ලබන 10 වන දින දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි
ඒ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං ගේ ශ්‍රී ලංකා නිල සංචාරය හේතුවෙනි.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ, අදාළ කාලසීමාවන් තුළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ගමන් ගන්නා මාර්ගයන්හි අවස්ථානුකූලව සහ කඩින් කඩ රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව අද පස්වරු 1.30 සිට කටුනායක ගුවන්තොටුපොළ ,කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සිට වරාය පරිශ්‍රය ඔස්සේ ගමන් කර, එන්.එස්.ඒ. වටරවුම හරහා ටාජ් සමුද්‍රා හෝටලය දක්වා මාර්ගවල රථවාහන ගමනා ගමනය සීමා කරනු ඇති.
රථවාහන ගමනාගමනය සීමා කරන මාර්ග පිළිබඳ අදාළ නිවේදනය පහතින්
