.webp)

අද දිනයේ මෝටර් වාහන පනත යටතේ, නියෝග දෙකක් අනුමත කිරීම පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුව, අද සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතව තිබේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත, හෙට(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊට අදාළ ඡන්ද විමසීම, හෙට හවස 5ට පැවැත්වේ.
එම තනතුර ස්ථාපිත කළේ, ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධීකරණය සහ කළමනාකරණය වෙනුවෙන්.
ආරක්ෂක වියදම් කළමනාකරණය සහ එවැනි තනතුරක් තවදුරටත් අවශ්‍ය නොවීම හේතුවෙන් එය ඉවත් කිරීමට තීරණය කර තිබේ.
2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ වන සංශෝධන, ලබන 10 වැනිදා පාර්ලිමේන්තු අනුමැතියට යොමු කිරීමට ද නියමිතව තිබේ.
