.webp)

COLOMBO(News1st) - විදේශයක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු කුලියාපිටිය කඳානේගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ , බී එම් ජී වර්ගයේ ජීව පතරොම් 06 ක් ඔහු සතුව තිබී සොයාගත් බවයි.
ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කළේ ය.
සැකකරු 40 හැවිරිදි වළකුඹුරමුල්ල, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
