.webp)
-623757.jpg)
මෙම වැඩසටහන යටතේ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කෙරුණු අතර, එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කර තිබේ.
මෙහි පළමු වැඩසටහන කොළඹදී සහ දෙවන වැඩසටහන යාපනයේදී පැවැත්වුණු අතර එහි තුන්වන සහ අවසන් වැඩසටහන නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක විය. ඒ අනුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර සමස්ත වැඩසටහන මගින් මෙම වසරේ සිසුන් 400කට ආසන්න පිරිසක් ඇගයීමට ලක් කර ඇත.
