.webp)
-623788.jpg)
ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය, ලකුණු 72 කින් ජය ගනිමිනි.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 183 කි.
ශෙෆාලි වර්මා පන්දු 24 කදී අර්ධ ශතකයක් රැස් කළාය.
එය ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩිකාවක් රැස් කළ වේගවත්ම අර්ධ ශතකයයි.
ශෙෆාලි වර්මා ලකුණු 68යි.
ස්ම්‍රිති මන්දනා ලකුණු 59 යි.
ලකුණු 184 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 111 ක් පමණයි.
නායක චමරි අතපත්තු ලකුණු 36යි.
මීට පෙර අවස්ථා 4 කදී පන්දුවාර 50 ආකෘතියෙන්ද , අවස්ථා 3 කදී 20/20 ආකෘතියෙන් ද, ඉන්දීය කාන්තා කණ්ඩායම ශූරතා දිනා සිටී.
ඔවුන් මෙවර ජය ගත්තේ පන්දුවාර 20/20 ආකෘතියේ සිව්වැනි ජයග්‍රහණයයි.
ඒ අනුව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි 8 ක් ජයගනිමින් ඉන්දීය කාන්තා කණ්ඩායම තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත්ව සිටී.
කෙසේ නමුත් ජයග්‍රාහී ඉන්දීය කාන්තා කණ්ඩායම පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේ ය.
