පළාත් කිහිපයකට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

පළාත් කිහිපයකට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

by Staff writer 16-09-2026 | 8:54 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වලට අද (16) දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි.

ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.