.webp)
 (11)-623944.jpg)
ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රගීත් දනන්සූරිය සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එම සමීක්ෂණය ක්‍රියාත්මක බවයි.
එහිදී කෘෂිකර්මික, ධීවර, සත්ත්ව පාලන හා සුළු පරීමාණ රැකියා ආදී ක්ෂේත්‍රවල නිරතවූ පුද්ගලයින්ට සිදුවූ බලපෑම පිළිබඳ නීරීක්ෂණය කරනු ඇති.
එම වාර්තා පදනම් කර ගනිමින් ඔවුන්ට සහන සැලසීමේ ක්‍රමවේදයක් සකස් කිරීම නියමිතයි.
මේ අතර දිස්ත්‍රික්ක 8ක වියළි කාලගුණයෙන් පීඩාවට පත් පූද්ගලයින් සංඛ්‍යාව 163,869 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ, මොණරාගල දිස්ත්‍රික්කයටයි.
එම සංඛ්‍යාව 43,638 ක්.
අම්පාර,බදුල්ල,මඩකලපුව,මාතලේ පොලොන්නරුව හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ජනතාවද වියළි කාලගුණයෙන් පිඩාවට පත්ව ඇති බව, ආපදා සහන සේවා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට ජලය බෙදා හැරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
