.webp)
-624277.jpg)
ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අනුව කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කළ හැකියි.
අද පෙරවරුවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුනනේ ය.
එම නිගමනයට අනුව පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් සංශෝධනය කල යුතු බව දැනුම්දී තිබේ.
එම සංශෝධනයට අනුව මෙම කෙටුම්පත අනුමත වන අවස්ථාවේ ධුරය දරන අගවිනිසුරුවරයා අවුරුදු 67 සම්පූර්ණ කල දිනයේ විශ්‍රාම ගත යුතුයි.
ඉන් අනතුරුව පත්වන අගවිනිසුරුවරයෙකුට වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ පත්වූ දිනයේ සිට වසර 6 ක කාලයක් යන දෙකෙන් මුලින් එළැඹෙන අවස්ථාව අනුව විශ්‍රාම ගත යුතු ය.
මේ අතර , සෙසු අධිකරණවල විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 2 කින් දීර්ඝ කිරීමට අදාළව ඉදිරිපත් කල අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරළ බහුතරයකින් සම්මත කල හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.
