.webp)

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට 100mm ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
බටහිර, මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද(23) රාත්‍රී කාලයේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මෙම ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්, ඉදිරි පැය 24 සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කය නෝවුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර සහ අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම රතු නිවේදනය බලාත්මක වනු ඇති.
එමෙන්ම 2 වන මට්ටමේ අවධානයෙන් සිටීමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව සහ තාවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ සහ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, දෙහිඕවිට, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් 2 වන මට්ටමේ අවධානයෙන් සිටීමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් බලාත්මකයි.
