.webp)
-624495.jpg)
ඉරානයේ උත්තරීතර නායකයාගේ උපදේශකයෙකු උපුටා දක්වමින් ෆාර්ස් පුවත් සේවය ඒ බව වාර්තා කර තිබුණි.
ඒ අනුව මේජර් ජෙනරාල් යහ්‍යා රහීම් සෆාවි විසින් නිකුත් කරන ලද වීඩියෝවක ඔහු සඳහන් කර ඇත්තේ , හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි කිසිම දිනක පෙර පැවති තත්ත්වයට පත් නොවනු ඇති බවත් ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ඇති බවයි.
ඉරානයට බලපෑ හැකි ඕනෑම දරුණු තත්ත්වයකට මුහුණ දීම සඳහා සිය හමුදාව සූදානම් බවද ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.
එසේම ඔහු රතු මුහුද ආශ්‍රිත වෙරළ තීරය යටත් කර ගැනීම සම්බන්ධයෙන් යේමනයේ හූතිවරුන් ප්‍රශංසාවටද ලක් කර තිබුණි.
