පේරාදෙනිය සහ ගම්පොල දක්වා දුම්රිය ධාවනය 2 වනදා සිට

පේරාදෙනිය සහ ගම්පොල දක්වා දුම්රිය ධාවනය ලබන 02 වනදා සිට

by Staff writer 28-09-2026 | 9:05 PM

COLOMBO(News1st) - දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට මාර්ගයේ පේරාදෙනිය සහ ගම්පොල දක්වා දුම්රිය ධාවනය ලබන 02 වනදා සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ආපදා වලින් රඹුක්කන - ගම්පොල අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103ක් හානියට පත් වූ බවයි.

ඒ අනුව මේ වනවිට එම ස්ථාන සියල්ල පිළිසකර කර දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට පත් කර තිබේ.

කොළඹ කොටුව - පේරාදෙනිය , ගම්පොල අතර ලබන දෙවනිදා පස්වරුවේ සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

එතැන් සිට නියමිත කාලසටහන අනුව දුම්රිය ධාවනයට කරනු ඇති.