.webp)
 (2)-624691.jpg)
විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කරනු ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය, පසුගිය 22 වැනිදා ආරම්භ විය.
මෙවර එය පැවැත්වෙන්නේ, "විශ්වාසය යළි ගොඩනැගීම, පරිර්වර්තනීය කළමනාකරණය සහ සියලු දෙනා වෙනුවෙන් ප්‍රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක් " යන තේමාවෙනි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පෙරේදා (26) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේ ය.
මේ අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමගද අමාත්‍ය විජිත හේරත් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට එක්වී ගෝලීය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ අදහස් හා ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ප්‍රධානතම ජාත්‍යන්තර වේදිකාවකි.
