.webp)

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්‍රදෙශවලට පස්වරු 1න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලට ප්‍රබල අකුණු ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අද පස්වරුව දක්වා බලාත්මක වන පරිදි, ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.
අදාළ පළාත්වල ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.
අකුණු හා ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල අනුගමණය කිරීමට ආරක්ෂිත පියවර කිහිපයක්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව එළිමහන් ස්ථානවල හෝ ගස් යට රැඳී සිටීමෙන් වැළකීම,
රැහැන් සහිත දුරකථන හා විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම,
බයිසිකල්, ට්‍රැක්ටර් හා බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළකීම,
හා හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම සිදුකළ යුතු වේ.
බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම, අද පස්වරු 4 දක්වා බලාත්මකයි.
මේ අතර, කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.
