උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන්, උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...

by Staff writer 05-10-2026 | 9:12 AM

COLOMBO (News 1st) - පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතරදී පීලිපැනීමකට ලක්ව තිබේ.

දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ පැවසුවේ, ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නවතා ඇති බවයි.

දුම්රිය මාර්ගයට ගල් පෙරළී තිබීම හේතුවෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවත් ඔහු පැවසුවේ ය.