.webp)
-625852.jpg)
චීන රජය විසින් සැකකරුට අවස්ථා දෙකකදී වරෙන්තු නිකුත් කර ඇති අතර පළමු වරෙන්තුව නිකුත් කර ඇත්තේ 2017 වසරේදීයි.
සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් කළ විමර්ශනවලදී අණාවරණය වී ඇත්තේ, ඔහු 2024 මෙරටට පැමිණ නුගේගොඩ පිහිටි කාර්යාලයක සේවය කර ඇති බවයි.
සැකකරුගේ නමින් ගුවන් ගමන් බලපත්ර 3ක් පැවතිය ද වනවාටු රාජ්යයෙන් නිකුත් කළ ගුවන් ගමන් බලපත්රය පමණක් තමන්ට අයත් යැයි සැකකරු විමර්ශන නිලදාරීන් හමුවේ ප්රකාශ කර තිබේ.
පොලීසිය පවසන්නේ, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විමර්ශන නිලධාරීන්ට ඇමරිකානු ඩොලර් 20,000ක් ලබා දීමට ද උත්සහ කර ඇති බවයි.
ඔහු මෙරටට පැමිණීමට පෙර මෙක්සිකෝව, ජපානය, තායිලන්තය ඇතුළු රටවල් රැසක සංචාරයේ නිරත වී ඇතැයි ද මේ වන විට අනාවරණය වී තිබේ.
39 හැවිරිදි සැකකරු 2020 වසරේ සිය බිරිඳගෙන් නීත්යානුකූලව වෙන්වී ඇති අතර ඔහු දෙදරු පියෙක්.
සැකකරු කඩිනමින් පිටුවහල් කිරීමට පියවර ගන්නැයි චීනය මේ වනවිට ඉල්ලා ඇතැයි සඳහන්.
අදාළ චීන ජාතිකයා ඊයේ කොළඹ සුඛෝපභෝගී හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එම මෙහෙයුම ක්රියාත්මක කෙරුණේ කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ කමල් ආරියවංශගේ උපදෙස් මත කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඒකනායක ඇතුළු කණ්ඩායමක් විසින්.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
