CIDයට ආපු අජිත් නිවාඩ් කබ්රාල්

CIDයට ආපු අජිත් නිවාඩ් කබ්රාල්

by Staff writer 14-10-2026 | 6:47 PM

COLOMBO(News1st) - හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද(14) අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව හමුවේ පෙනි සිටියේය.


ඒ එම දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුවයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරය දැරූ සමයේ, අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් රාජ්‍ය සේවකයින්ට දැනුම වර්ධනය කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් යැයි පවසා ඇමරිකාවට ගෙවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව එම කැඳවීම සිදුකර තිබුණි.

පැය කිහිපයක් ප්‍රකාශ ලබාදිමෙන් අනතුරුව අජිත් නිවාඩ් කබ්රාල් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබුණි.