A B U සමුළුවේ දෙවැනි දිනය අදයි.

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගම් මහ සමුලුවේ, දෙවැනි දිනය අදයි.

by Staff writer 31-10-2026 | 8:37 AM

COLOMBO(News1st) - ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් A B U හි,  63 වැනි මහා සමුළුවට සමගාමීව තාක්ෂණික හා විද්වත් කමිටු සාකච්ඡා වට කිහිපයක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, Cinnamon Life, City of Dreams හිදීයි.

කලාපීය විද්‍යුත් මාධ්‍ය ඉදිරි ගමන් මගට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය එහිදී සිදුවනු ඇති.

මහ සමුලුවේ සමාරම්භක උත්සවයද හෙට(01) Cinnamon Life, City of Dreams හිදී පැවැවෙන් අතර අනිද්දා(02) රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී කලාපීය ප්‍රමුඛ පෙලේ ශිල්පීන් සහභාගීවන ප්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතයි.

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් A B U හි,  63 වැනි මහා සමුළුවට සමගාමීව තාක්ෂණික හා විද්වත් කමිටු සාකච්ඡා ඊයේ(30) කොළඹ Cinnamon Life, City of Dreams හිදී ආරම්භ කෙරුණි.

විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ ක්‍රීඩා කමිටු හමුව, වැඩසටහන් කමිටු හමුව මෙන්ම තාක්ෂණික කමිටු හමුවත් ඒ අතර වේ.‍ෙ