.webp)
-626979.jpg)
ඒ අතරට පොලිස් නිලධාරීන් 09 කු හා සිවිල් පුද්ගලයින් 08 කු ඇතුළත් වේ.
පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශන ක්රියාත්මක කරන්නේ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.
මියගිය සැකකරු සමග ඔක්තෝබර් 24 වැනිදා රාත්රියේ අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු මේ වන විට බන්ධනාගාරගතව සිටින බැවින්, අධිකරණයෙන් ලබාගත් නියෝග මත ඔක්තෝබර් 29 වැනිදා ඔහුගෙන් ප්රකාශයක් සටහන් කර ගැනීමටද විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා(28) අත්අඩංගුවට ගත් හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ(29) හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය සැකකරු පසුගිය 24 වැනිදා රිය අනතුරකින් තුවාල ලබා ප්රතිකාර සඳහා හෝමාගම රෝහලට පස්වරු 1.05ට ඇතුළත් කර ඇති බවයි.
එදිනම පස්වරු 5.55ට ඔහු අනවසරයෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරිවත්තුඩුව ගල්කන්ද පොදු සුසාන භූමියේදී ඊයේ(29) සිදු කෙරුණි
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසියේ නිලධාරීන් සිව් දෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.
ඒ අතරට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ,හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරායා ඇතුළු නිලධාරීන් 4 කු වේ.
මේ අතර පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිස්ථානයේ සැරයන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකු සේවය අත්හිටුවා තිබේ.
පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර් සඳහන් කළේ, ගම්වැසියන් විසින් සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු අල්ලා ගස්බැද පහරදී ඇති බවයි.
එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් ඔහු පොලීසියට රැගෙනවිත් රෝහල්ගත නොකර පොලිස්ථානයේ රඳවා තබාගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ ය.
පසුව සැකකරු රෝහල්ගත කළද සැකකරු පසු දින මියගොස් තිබේ.
මිය ගිය පුද්ගලයා ප්රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකි.
සැකකරුට ගස් බැද පහරදුන් බව කියන සිවිල් වැසියන් 05 දෙනෙකුද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ
මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි
