ජලාශ 21ක් තවදුරටත් වාන් දමයි

වර්ෂාවත් සමග ජලාශ 21ක් තවදුරටත් වාන් දමයි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 31-10-2026 | 6:07 PM

COLOMBO(News1st) - වර්ෂාවත් සමග ජලාශ 21ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් 12ක් ප්‍රධාන ජලාශ වන අතර වාන් දමන බව මධ්‍යම පරිමාණයේ ජලාශ සංඛ්‍යාව 09කි.

අඹේවෙල , කන්දේඇල්ල , යාන්ඔය , තබ්බෝව , තිස්ස වැව හා බඳගිරිය වාන් දමන ප්‍රධාන ජලාශ අතර වේ.

මේ අතර බස්නාහිර , සබරගමුව , මධ්‍යම , ඌව සහ දකුණු පළාත් වලට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වල ඇතැම් ස්ථාන වලට පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කෙරේ.