ඇතෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙයි...

කහටගස්දිගිලිය කැලෑබද ප්‍රදේශයකදී ඇතෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙයි - වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව

by Staff writer 02-11-2026 | 7:56 AM

COLOMBO(News1st) -  කහටගස්දිගිලිය, කැලෑබද ප්‍රදේශයකදී ඇතෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පැවසුවේ, එම ඇතා මීට දින 7 කට හෝ 8 කට පෙර මියගොස් ඇති බවට සැකකෙරෙන බවයි.

මියගිය ඇතාගේ එක් දළයක් අතුරුදන්ව ඇතැයි ද News1st කළ විමසුමකදි වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.