සෞ.නි.කොට්ඨාශ 74ක මදුරු කීට ඝණත්වය ඉහළට.

සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශ 74 ක මදුරු කීට ඝණත්වය ඉහළට.

by Staff writer 02-11-2026 | 11:27 AM

COLOMBO(News1st) - දිස්ත්‍රික්ක 13ක, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශ 74ක් ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.

එහි වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, කීට විද්‍යා දත්ත වැඩිවීම මත අදාල ප්‍රදේශ ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.

එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ලබන 9 වැනිදා සිට 14 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් ක‍ළේ ය.