උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 03-11-2026 | 7:36 AM

COLOMBO(News1st) - උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, වැල්ලව - ගනේවත්ත අතර දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් එලෙස දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තාක්ෂණික අංශයේ නිළධාරින් එම ප්‍රදේශයට ගොස් ඇතැයිද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.