.webp)

පොලීසිය පැවසුවේ, බදුරලිය මතුගම මාර්ගයේ කිලෝමීටර් 58 කණුව ආසන්නයේදී ලොරි රථයක් රථ ගාලට ඇතුළු කිරීමට යාමේදී ප්රති විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් පැදිකරු මියගොස් ඇති බවයි.
අම්පාර බිබිල මාර්ගයේ රත්මල්ගහඇල්ල ප්රදේශයේදී මාර්ගය අයිනේ රැඳී පුද්ගලයෙකු යතුරුපැදියක ගැටී මියගොස් තිබේ.
යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 36 ක් වූ රත්මල්ගහඇල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ නුවර ප්රධාන මාර්ගයේ කෑගල්ල උසාවි සංකීර්ණය අසලදී පුද්ගලික බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් පසුපැදිකාරිය මියගොස් තිබේ.
බදුල්ල මහියංගනය මාර්ගයේ 16 කණුව ප්රදේශයේදී කැබ් රථයක් රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පිටුපස අසුනේ ගමන් කළ පුද්ගලයා මියගොස් තිබේ.
හාලිඇල වැලිමඩ මාර්ගයේ හාලිඇල ප්රදේශයේදී වැලිමඩ දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක මාර්ගය හරහා ගමන් ගත් පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබේ, පොලීසිය පැවසුවේ, අනතුරින් බරපතල තුවාල ලැබූ 73 හැවිරිදි පුද්ගලයා බදුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියගොස් ඇති බවයි.
