.webp)
-627240.jpg)
ඒ අනුව, ආසියා - ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට අයත් රටවල් 66 ක, විද්‍යුත් මාධ්‍ය ආයතන 225 ක නියෝජිතයන් අද මෙරට විශේෂ ස්ථාන කිහිපයක සංචාරයක නිරත වනු ඇති.
ඒ හරහා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර සංචාරකයන්ට තවත් වැදගත් පණිවිඩ රැසක් යොමු කිරීමේ හැකියාව පවතිනවා.
මේ අතර ලොව විශාලතම මාධ්‍ය සංසදය වන, ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ 15 වැනි සංගීත ප්‍රසංගය ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ රත්මලාන ස්ටයින් ස්ටුඩියෝස්හිදියි.
කලාපයේ ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් එම සංගීත ප්‍රසංගය පැවැත්වුණා.
ආසියා - පැසිෆික් කලාපයේ විවිධ රටවලින් පැමිණි විදේශීය නියෝජිතයන්ට කලාපයේ මෙන්ම මෙරට කලාත්මක අනන්‍යතාවය, සංගීතය සහ සංස්කෘතිය අත්විඳීමට සැලැස්වීම එම සංගීත ප්‍රසංගයේ ප්‍රධාන අරමුණයි.
