දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස වැසි

by Staff writer 04-11-2026 | 7:51 AM

COLOMBO(News1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව , මධ්‍යම , ඌව සහ දකුණු පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර , පවතින වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 8කට නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරිණ.

බදුල්ල , මහනුවර , මාතර, නුවරඑළිය, රත්නපුර , කෑගල්ල , කුරුණෑගල , මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් ය.