ගෑස් බෙදා හැරීම අඛණ්ඩව - ලිට්‍රෝ සමාගම

LAUGFS ගෑස් නැව් තුනක් මේ මාසයේ දිවයිනට.. ගෑස් බෙදා හැරීමත් අඛණ්ඩව - ලිට්‍රෝ සමාගම

by Staff writer 04-11-2026 | 8:03 AM

COLOMBO(News1st) - තවත් ගෑස් නෞකාවක් ඊයේ දිනයේ මෙරටට ළගා වූ බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම පැවසුවේ එම ගෑස් තොග අද සිට බෙදා හරින බවයි.

මේ මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 40000 ක් අණවුම් කර ඇති බැවින් ඉදිරි දින කිහිපයේදි මෙරට සෑම ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථානයකටම ගෑස් සිලින්ඩර් බෙදා හැරීමට හැකියාව ලැබෙන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ය.

මේ අතර, නොවැම්බර් මාසය තුළ  ගෑස් නැව්ගත කිරීම් තුනක් මෙරටට ගෙන්වා  ගැනිමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

නොවැම්බර්  12 -14, 15 - 17 හා ,24 - 25 දිනවල ඒම නැව් හම්බන්තොට හා කොළඹ වරායවලට සේන්දු වීමට නියමිතයි.