අනුරාධපුර විරෝධතාවයේ සිටි දහම් ගංජා පානය කරලා?

අනුරාධපුර පුජා භූමියේදී විරෝධතාවක් අතරතුර ආරවුලක් ඇතිකරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්‍රසාද් නැමැත්තා හෙරොයින් සහ ගංජා පානය කර ඇතැයි වෛද්‍ය පරීක්ෂණයේදී අණාවරණය වෙයි!

by Staff writer 09-11-2026 | 4:03 PM

COLOMBO(News1st) - අනුරාධපුර පුජා භූමිය ප්‍රදේශයේදී විරෝධතාවක් අතරතුර ආරවුලක් ඇතිකරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්‍රසාද් නැමැත්තා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පහරදීම, අයුතු අවහිරය සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරු හෙරෝයීන් සහ ගංජා පානය කර ඇතැයි වෛද්‍ය පරීක්ෂණයේදී අණාවරණය වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.

සැකකාර දහම් ප්‍රසාද් නැමැත්තා මීට පෙර හෙරෝයීන් සහ අයිස් මත්ද්‍රව්‍ය චෝදනාවලට අදාළව බොරැල්ල සහ රත්නපුරේදී පොලිස් අත්අඩංගුවට පත් වූවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේය.