බලංගොඩ කස්සප හිමිට අධිකරණයෙන් නියෝගයක්

බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

by Nadeeshan Meedin 09-11-2026 | 4:33 PM

COLOMBO(News1st) - අනුරාධපුර පුජාභූමිය පරිශ්‍රයේ සත්‍යග්‍රහයේ යෙදී සිටින බළංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේට ලබන 20 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න අද නියෝග කළේය.

ඒ බලංගොඩ කස්සප ඇතුළු පිරිසකට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට ඉකුත් 7 වැනි දා නිකුත් කළ අතුරු නියෝගය විසුරුවා හරින්නැයි බලංගොඩ කස්සප හිමි වෙනුවෙන් නීතීඥවරුන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරමින්.