.webp)
-861684-627592.jpg)
ඒ, පොලිස්පති නියමයෙනි.
මේ අතර අදාළ ඩ්‍රෝන යානාවල තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය මගින්ද අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, නිසි අනුමැතියකින් තොරව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා සහ මයික්‍රෆෝන ඊයේ (08) රේගු නිලධාරීන් භාරයට ගනු ලැබුවේය.
ඒ අතර ඩ්‍රෝන යානා 39 ක් සහ මයික්‍රෆෝන 16 ක් වේ.
මන්ත්‍රීවරයා ඊයේ දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ, සිංගප්පූරුවේ සිටයි.
අදාළ භාණ්ඩ මෙරටට ගේන ඒම සඳහා, විදුලි සංදේශ නියාමන කොමිසම සහ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය තිබිය යුතුයි.
ඒ අනුව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඒ සඳහා අනුමැතිය ලබාගතහොත්, අදාළ භාණ්ඩ නිදහස් කරන බව, රේගුව සඳහන් කළේ ය.
