එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, මහ ඔය ද්‍රෝණියේ දිවුලපිටිය, මීරිගම, කටාන, වෙන්නප්පුව සහ දංකොටුව ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසුවිය විය යුතු බවයි.
මේ අතර අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර තිබේ.
වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙක මෙලෙස විවෘත වී ඇත්තේ වසර දෙකකට පසුවයි.
ඉන් මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝන මීටර් 159 කි.
මේ අතර අද දිනයේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ජනතාවට දැනුම් දෙයි.
මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක් සඳහා නායයෑම් නිකුත් කළ නායයෑම් රතු නිවේදනයය තවදුරටත් බලාත්මකය.
එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ, ගලිගමුව, අරණායක සහ කෑගල්ලයි.
ඊට අමතරව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, රත්නපුර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලට ද නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.