දංඕවිට රබර් කර්මාන්ත ශාලාවේ ගින්න තවදුරටත්

දංඕවිට රබර් කර්මාන්ත ශාලාවේ ගින්න තවදුරටත්

by Staff writer 28-11-2023 | 6:00 AM

COLOMBO (News 1st) - මීරිගම, දංඕවිට රබර් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න තවදුරටත් පවතින බව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීමට කොළඹ සහ ගම්පහ ඒකකවලින් සේවා රථ දෙක බැගින් යොදවා ඇති බවය.

ඊයේ රාත්‍රී 9.20 ට පමණ ගින්න හටගෙන ඇති අතර මේ දක්වා ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට නොහැකි වී ඇතැයි ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

රාසායනික ද්‍රව්‍ය සහිත පරිශ්‍රයක ගින්න හටගෙන ඇතැයි සඳහන්ය.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

ගින්න පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.