.webp)
COLOMBO ( News 1st ) - ත්රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් මට්ටක්කුලිය කැලණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මට්ටක්කුලිය කැලණි ගඟ මෝල පාර පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී පහරදීම සිදුකර සැකකරුවන් පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළ අතර පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට මේ වන වනවිට අනාවරණය වී ඇති බවයි.
ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් ද හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.