.webp)
-625067.jpg)
ඒ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟව සිටියදීයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගියදා වරෙන්තුවක් නිකුත් කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අවසරයකින් තොරව අධිකරණය ඇමතීම සහ අධිකරණයට කටයුතුවලට බාධා කිරීමෙන් ඥානසාර හිමි අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වන දා වරදකරු කෙරුණි.
අභියාචනාධිකරණය එහිදී වසර 19ක සිරදඬුවමක් නියම කළ අතර, එම දඬුවම වසර 6 කින් ගෙවී යන සේ ලබා දීමට නියම කළේය.
පසුව එම දඬුවමින් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු සමාවක් පිරිනැමීමට පියවර ගත්තා.
එම ජනාධිපති පොදු සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම තීරණය බලරහිත බවට තීන්දුවක් ඉල්ලා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා අදාළ ජනාධිපති පොදු සමාව බල රහිත කිරීමට තීන්දු කළේය.
පසුගිය මස 29 වැනිදා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරන නියෝගයෙන් පසුව ඥාණසාර හිමිට අදාළ දඬුවම් නියෝගය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව කරුණු දක්වමින් ගොනු කර තිබූ මෝෂන් පත්‍රයක් අභියාචනාධිකරණ හමුවේ කැඳවූවේය.
එහිදී නොතීසි නිකුත් වී සිටි විත්තිකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත් කළේය.
